
බ්‍රිස්බන් ගිණිකොණ දිග ප්‍රදේශයේදී නිවසක හටගත් ගින්නකින් පසු 34 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් 05 දෙනා අතුරුදන් වී තිබෙනවා.
දරුවන්ගේ මව වන 28 හැවිරිදි කාන්තාවක දිවි ගලවා ගැනීමට සමත්වී ඇති බව සඳහන්.
අතුරුදන්ව සිටින දරුවන් අවුරුදු 03 ත් 11 ත් අතර පසුවන්නන් වනවා.

අතුරුන්ව සිටින 06 දෙනාම මියගොස් ඇති බවටයි නිල නොවන වාර්තා අනාවැකි පළකරන්නේ.
මේ අතර වික්ටෝරියා ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේදී විෂ සහිත හතු ආහාරයට ගත් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තිබෙනවා.

අවුරුදු 66 සහ 70 ක කාන්තාවන් දෙදෙනෙකු සහ 70 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස මරණයට පත්ව ඇති බව සඳහන්.
68 හැවිරිදි පිරිමි අයෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.