බටහිර ඔස්ට්‍රේලියාවේ දකුණු දිග ප්‍රදේශයට ප්‍රබල භූමිකම්පාවක්

බටහිර ඔස්ට්‍රේලියාවේ දකුණු දිග ප්‍රදේශයට ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 5.6 ක් ලෙසයි.

ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයේ පිහිටි නගරයක් වන ඇල්බනි සිට කිලෝමීටර් 150 ක් පමණ දුරින් පිහිටි ස්ථානයක පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 05 ක් පමණ ගැඹුරිනුයි මෙම කම්පනයේ අපකේන්ද්‍රය සටහන් වී ඇත්තේ.

තත්පර 30 කට ආසන්න කාලයක් මෙම කම්පනය පැවති ඇති අතර කිසිදු ජීවත හෝ දේපළ හානියක් පිළිබඳ තොරතුරු වාර්තා වී නැහැ.

බටහිර ඔස්ට්‍රේලියා ඉතිහාසයේ වඩාත් ප්‍රබලම භූමිකම්පනය වාර්තා වී ඇත්තේ 1968 වසරේදී ඒකක 6.5 ක් ලෙසයි.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »