සේවකයන් 1,000 කට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි සංචිත බැංකුව පිළිගනී

වත්මන් සහ හිටපු සේවකයන් 1,000 කට වැඩි පිරිසකට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි ඔස්ටේ්‍රලියා ෆෙඩරල් සංචිත බැංකුව විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව සේවකයන් 1,173 දෙනෙකුට මෙලෙස ගෙවීමට නියමිත හිග වැටුප් ප්‍රමාණය ඩොලර් මිලියන 1.15 ක්.

මෙයින් බහුතරයක් හිටපු සේවකයන් වන අතර දීමනා ගණනයේදී සිදුවූ අත්වැරදීමක් මීට හේතුවී ඇති බව සඳහන්.

මෙම දෝෂය කඩිනමින් නිවැරදි කිරීමට පියවර ගන්නා බවයි ෆෙඩරල් සංචිත බැංකුව අවධාරණය කර සිටින්නේ.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රමුඛතම සමාගම් – බැංකු සහ සුපිරි වෙළඳසැල් ජාල විසින් සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවන බවයි මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වූයේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »