Search

2022-23 දී ඔස්ට්‍රේලියාව තුළ ඉදි කිරීම් සමාගම් 2,213 ක ව්‍යාපාර අඩාලවෙයි

2022-23 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාව තුළ ඉදි කිරීම් සමාගම් 2,213 ක් ව්‍යාපාර කටයුතු අඩාල වී බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එයින් ප්‍රමුඛතම සමාගම ලෙස නම් කර ඇත්තේ වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල නිවාස 1,700 ක් පමණ ඉදිකරමින් තිබූ පෝටර් ඩේවිස් සමාගමයි.

එම සමස්ත නිවාසවල වටිනාකම ඩොලර් මිලියන 71 ක් ලෙසට මේ වනවිට තක්සේරු කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම නිවාසවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉදිකර අවසන් කිරීමට වෙනත් ඉදි කිරීම් සමාගම් දැනටමත් පොරොන්දුවී අවසන්.

පසුගිය ජූනි මාසයේදී නව නිවාස ඉදි කිරීම් සඳහා වන අනුමැතීන් ද සියයට 7.7 කින් පහළ ගොස් තිබුණා.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »