ඔස්ට්‍රේලියානු නිවාසවලින් මිලියන 10 ක් බලශක්ති ප්‍රමිතීන්ගෙන් බැහැර බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියානු නිවාසවලින් මිලියන 10 ක පමණ උණුසුම්කරණ බලශක්ති ක්‍රමවේදයන් සම්මත ප්‍රමිතීන්ගෙන් බැහැරව පවතින බවට අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව විසින් බලශක්ති සම්මත ප්‍රමිතීන් හඳුන්වා දෙනු ලැබුවේ 2003 වසරේදීයි.

මෙම නිවාසවලින් අති බහුතරයක් ඊට පෙර ඉදිකරනු ලැබු ඒවා බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මෙම නිවාස හිමියන්ට බලශක්ති පිරිවැය වෙනුවෙන් අති විශාල මුදලක් දැරීමට සිදුවී ඇත්තේද යල්පැන ගිය ක්‍රමවේද තවදුරටත් භාවිත කරමින් සිටීම හේතුවෙන් බවයි විශ්ව විද්‍යාලව සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ.

බලශක්ති වියදම අඩු කර ගැනීම සඳහා විද්වත් උපදෙස් අනුව නිවාසවල බලශක්ති පද්ධති සකස් කරගන්නා ලෙසටයි දැනුම්දීමක් සිදු කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »