Search

NSW ගුරුවරුන්ට දීමට එකගවූ වැටුප් වර්ධක නිල තොරතුරු ප්‍රකාශයට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ගුරු වෘත්තීය සමිති වෙත ලබාදීමට එකගවූ වැටුප් වර්ධක පිළිබඳ නිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දැනට ඩොලර් 75,790 ක වාර්ෂික වැටුපක් ලබන උපාධිධාරී ගුරුවරයෙකුට පළමු අධියරේදී සියයට 12.2 ක වැටුපක් ලබාදීමටයි එකග වි ඇත්තේ.

වැටුප් වැඩිවීමෙන් පසු ඔවුන්ට හිමිවන වැටුප ඩොලර් 85,000 ක් දක්වා ඉහළයාමට නියමිතයි.

දෙවන අධියරේදී එම ගුරුවරුන්ට සියයට 20.6 ක වැටුප් වැඩිවීමක් යෝජනා වී ඇති අතර ඒ අනුව වාර්ෂික වැටුප ඉහළ යනු ඇත්තේ ඩොලර් 91,413 ක් දක්වායි.

ජ්‍යෙෂ්ඨත්වය වැඩිම ගුරුවරුන්ට සියයට 8 ක වැටුප් වැඩිවීමක් ලැබෙන අතර ඒ අනුව ඔවුනට දැනට ලැබෙන ඩොලර් 113,042 ක වාර්ෂික වැටුප ඩොලර් 122,100 දක්වා ඉහළ යනු ඇති.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »