16 ට අඩු යෞවනියන්ට දෙමාපිය අනුමැතියකින් තොරව ගබ්සා කරගැනීමට බටහිර ඔස්ට්‍රේලියාවේත් අවසර

බටහිර ඔස්ට්‍රේලියාව ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට අඩු යෞවනියන්ට ද දෙමාපිය අනුමැතියකින් තොරව ගබ්සා සිදුකර ගැනීමේ අවස්ථාව සැළසීමට ප්‍රාන්ත රජය සුදානම් වනවා.

මීට අදාළ නව රෙගුලාසි ලබන සතියේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් අවුරුදු 16 ට අඩු යෞවනියන්ට ගබ්සා සඳහා දෙමාපිය හෝ භාරකරුගේ අනුමැතිය අවශ්‍ය වන එකම ප්‍රාන්තය වන්නේ බටහිර ඔස්ටේ්‍රලියාව පමණයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ගබ්සාව නීති විරෝධී නොවන බවට පළමුවෙන්ම තීන්දු කරනු ලැබුවේද බටහිර ඔස්ට්‍රේලියාව විසින් 1998 වසරේදීයි.

පසුගිය ජූනි මාසයේදී ගබ්සා නීති රැසක් ලිහිල් කිරීමට ප්‍රාන්ත රජය ගත් තීරණයක් අනුවයි මෙම නව රෙගුලාසියද ගෙන ඒමට නියමිතව ඇත්තේ.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »