ස්වදේශික ජනමත විචාරණය පරාජයට පත්වුවහෛාත් එහි විපාක විඳීමට සිදුවන්නේ වසර ගණනක් පුරා අසාධරණයට ලක්වූ ඇබොරිජින් ඇතුලු ස්වදේශික ජනතාවට බවට අගමැති ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.
මෙය සම්මත වුවහොත් සෞඛ්‍ය – අධ්‍යාපනය – රාජ්‍ය පාලනය ඇතුලු අංශ රැසක අයිතිවාසිකම් ලබා ගැනීමේදී ඔවුන්ට පහසුවක් වනු ඇති බවයි අගමැතිවරයා අවධාරණය කලේ.
ඔහු මේ බව සඳහන් කලේ ස්වදේශික ජනතාවගේ සම්ප්‍රදායික උත්සවයකට ඊයේ සහභාගීවීමෙන් අනතුරුවයි.
යෝජිත ජනමත විචාරණය බොහෝ දුරට ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙනු ඇති බවට නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරනවා.
කෙසේවෙතත් නිශ්චිත දිනය තවත් දින කිහිපයක් තුළදී ප්‍රකාශයට පත් කරන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.