වාහන අලෙවි කිරීම් සම්බන්ධයෙන් නව නීති මාලාවක් පැණවීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.
ලබන නත්තලට පෙර එම නීති සම්මත කිරීමෙන් පසු වැරදිකරුවන්ට ඩොලර් 7,000 ක පමණ දඩ පැණවෙනු ඇති.
ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ සහ නොමග යවන සුලු වාහන අලෙවි දැන්වීම් පළකිරිම ඉහළයාම මීට මූලික හේතුවයි.
පැරණි වාහන නව වාහන ලෙස අලෙවි කිරීම / මුදල් ලබාගෙන වාහන නොදීම වැනි පැමිණිලි ඉන් ප්රමුඛ බව සඳහන්.
පසුගිය මාස 12 තුළදී මෙවැනි පැමිණිලි 259 ක් ලැබී ඇති අතර එය පෙර වසරට වඩා සියයට 40 ක පමණ ඉහළ යාමක් ද වනවා.