Search

NSW ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඉන්ධන ලීටරයකට සත 04 ක සහනාධාරයක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉන්ධන සහනාධාරයක් පිරිනැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

NSW Seniors හෝ Seniors Savers කාඩ්පතක් හිමි අවුරුදු 65 ට වැඩි ඕනෑම අයෙකුට ලීටරයකට සත 04 ක ගාස්තු අඩු කිරීමක් මේ යටතේ හිමිවනු ඇති.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සහ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනය අතර ඇතිකර ගත් එකගතාවයක් අනුවයි මෙම සහනාධාරය පිරිනමනු ලබන්නේ.

මේ යටතේ ලීටරයක් ඩොලර් 1.70 ක මිළකට පෙට්‍රල් ලීටර් 50 ක් මිළයට ගැනීමේදී හිමිවන සහනය ඩොලර් 2 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මෙලෙස වට්ටම් ලබාදීමට කැමති වෙනත් ඕනෑම ආයතනයකටද ඒ සඳයා අවස්ථාව පවතින බව නිවු සවුත් වේල්ස් රජය දන්වා සිටිනවා.

ඔස්ට්‍රේලියාවට එන විදෙස් සිසුන්ගේ නවාතැන් ගැටළුව තවත් උග්‍ර වෙයි ?

ඔස්ට්‍රේලියානු රජය විසින් 2023-24 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාලවලට බදවා ගන්නා ඡාත්‍යන්‍තර සිසුන් සංඛ්‍යාව සීමා කළද එම ප්‍රමාණය සමස්ත කුලී නිවාස වෙළදපොළෙන් 4% ක් පමණක් වන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

Read More »

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »