වසරක් තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැන්ගරු ගහණය ලක්ෂ 10 කින් පමණ වැඩිවී තිබෙනවා.
2021 වසරේදී ප්‍රාන්තයේ කැන්ගරු ගහණය මිලියන 10.9 ක් ලෙස පැවතී ඇති නමුත් පසුගිය වසරේදී එය මිලියන 11.8 ක් දක්වා ඉහළගොස් ඇති බව සඳහන්.
ඉතිහාසයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩම කැන්ගරු ගහණයක් සටහන් වී ඇත්තේ 2016 වසරේදී මිලියන 17 ක් ලෙසයි.
කෙසේවෙතත් 2017 – 2019 කාලයේදී පැවති එල් නිනෝ දේශගුණ තත්වය හමුවේ අධික උණුසුම් කාළගුණයත් සමග නිවු සවුත් වේල්ස් කැන්ගරු ගහණය සියයට 25 කින් පමණ අඩුවී තිබුණා.
කැන්ගරු ගහණය අධික ලෙස ඉහළයාම කෘෂිකර්මාන්තයට එතරම් සුභදායක නොවන බවයි ගොවීන් අවධාරණය කරන්නේ.