පොළී අනුපාතිකයන් ඉහළම අගයට ළගාවී ඇති බවට ප්‍රධාන බැංකු 03 කින් අනාවැකි

ඔස්ට්‍රේලියාව තුළ පොළී අනුපාතික අගයන් ඉහළම අගයට ළගාවී ඇති බවට ප්‍රධාන බැංකු 04 න් 03 ක් ම පුරෝකථනය කර සිටිනවා.

ඒ අනුව ඉදිරියේදී පොළී අනුපාතිකයන් හි වැඩිවීමක් සිදු නොවී පවතින අගයේම පවත්වාගෙන යාම හෝ cash rate අගයෙහි අඩුවීමක් සිදුවනු ඇති බවයි ඔවුන් අනාවැකි පළකරන්නේ.

කොමන්වෙල්ත් – ANZ සහ වෙස්ට්පැක් යන බැංකු විසින් මෙම පුරෝකථනය සිදුකර තිබෙනවා.

කෙසේවෙතත් NAB බැංකුව පෙන්වා දෙන්නේ ඉදිරියේදී අවම වශයෙන් තවත් එක් අවස්ථාවකදී හෝ පොළී අනුපාතිකයන් හි ඉහළයාමක් සිදුවනු ඇති බවයි.

එය බොහෝදුරට වසර අවසානයේදී සිදුවනු ඇතැයිද ඔවුන් පුරෝකථනය කර සිටිනවා.

ලබන වසරේදී අවස්ථා 04 කදී පොළී අනුපාතිකයන් පහළගොස් දැනට සියයට 4.1 ක් ලෙස පවතින අගය සියයට 3.1 දක්වා අඩුවනු ඇති බවටයි ප්‍රධාන බැංකු විසින් අනාවැකි පළකර සිටින්නේ.

2025 වසර වනවිට එය සියයට 2.6 කට අඩුවනු ඇති බවද මෙම අනාවැකිවල තවදුරටත් සඳහන්.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »