අඛණ්ඩව 03 වන කාර්තුවටත් ඔස්ට්‍රේලියාව තුළ සිල්ලර වෙළඳාම් පහළගොස් තිබෙනවා.
මෙම වසරේ දෙවන කාර්තුව හෙවත් ජූනි කාර්තුවේදී සිල්ලර වෙළඳාම් පහළයාම සියයට 0.5 ක් ලෙසයි සටහන් වන්නේ.
සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා අනුව 2008 වසරෙන් පසු අඛණ්ඩව කාර්තු 03 කදී සිල්ලර වෙළඳාම් පහළ ගිය පළමු අවස්ථාව මෙයයි.
මෙම වසරේ මාර්තු කාර්තුවේදී සියයට 0.8 කින්ද පසුගිය වසරේ අවසාන කාර්තුවේදී සියයට 0.4 කින්ද සිල්ලර මිළදී ගැනීම් පහළ ගොස් තිබුණා.
පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඔස්ට්‍රේලියානුවන් විසින් අනවශ්‍ය මිළදී ගැනීම් සීමා කර ආහාර – ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ පමණක් මිළදී ගැනීමයි මීට හේතුව වන්නේ.
ආහාර මිළදී ගැනීම් ද මෙම වසරේ පළමු කාර්තුවට වඩා දෙවන කාර්තුවේදී සියයට 0.7 කින් අඩුවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල සඳහන් වන්නේ.