ANZ බැංකුව විසින් Suncorp බැංකු අංශය මිළදී ගැනීම අත්හිටුවයි

ANZ බැංකුව විසින් Suncorp සමාගමේ බැංකු අංශය මිළදී ගැනීම පාරිභෝගික කොමිසම විසින් වළක්වා තිබෙනවා.

මෙමගින් සුලු පරිමාණ ව්‍යාපාරිකයන්ට සිදුවන බලපෑම සැළකිල්ලට ගෙන එම අවසරය නොදීමට තීරණය කල බවයි කොමිසම නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

විශේෂයෙන් දැනටමත් Suncorp සමාගම සමග කටයුතු කරන ක්වීන්ස්ලන්ඩ් හි ව්‍යාපාර හිමියන් සහ ගොවිපොළ හිමිකරුවන් කෙරෙහියි එහිදී වැඩි අවධානයක් යොමුකර ඇත්තේ.

මෙම ගණුදෙනුව ඩොලර් බිලියන 4.9 ක් ලෙස තක්සේරු කර තිබුණා.

පාරිභෝගික කොමිසම නිකුත් කර ඇති නිර්දේශ අනුව කටයුතු කර මෙම ගණුදෙනුව ඉදිරියට සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ANZ බැංකුව නිවේදනය කර සිටින්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »