
එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග රැසක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ලබන පළමුවනදා සිට තහනම් කෙරෙනවා.
ඒ අනුව විවාහ මංගල උත්සව – විවිධ සාද වැනි අවස්ථාවලදී පරිසරයට මුදා හැරෙන වායු බැලූන – කොට්න් බඩ් ඇතුලු ද්‍රව්‍ය රැසක් (plastic microbeads, polystyrene packing peanuts and plastic-stemmed cotton buds) අත්හිටුවීමට නියමිතයි.
එමෙන්ම ලබන වසරේ සිට ප්ලාස්ටික් කෝප්ප ඇතුලු තවත් නිෂ්පාදන වර්ග කිහිපයක්ද තහණම් කෙරෙනු ඇති.

එමෙන්ම එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන කෝපි කෝප්ප භාවිතය ඉදිරි වසර 05 තුළදී මුලුමනින්ම භාවිතය නතර කිරීමද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ තවත් සැළසුමක් වනවා.
2027 වසර වනවිට තවත් ප්ලාස්ටික් වර්ග ගණනාවක් තහනම් කිරීමටද ඔවුන් සැළසුම් කරමින් සිටිනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය විසින් පළමුවරට ප්ලාස්ටික් තහණමක් පණවනු ලැබුවේ වසර 02 කට ඉහතදීයි.