ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන වළක්වාලීම ප්‍රමාණවත් නොවන බවට චෝදනා

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල තුළ සිදුවන ලිංගික හිංසන වළක්වාලීම සඳහා සරසවි පාලනාධිකාරීන් විසින් ගනු ලබන පියවර ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ලවනවා.

විශේෂයෙන් වින්දිතයන්ට අවශ්‍ය ආරක්ෂාව සැළසීමට ඔවුන් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි මානව හිමිකම් කොමිසම පෙන්වා දී ඇත්තේ.

මෙම නිර්දේශ නිකුත් කර වසර 06 කට වැඩි කාලයක් ගතවී ඇතත් ඒවා ක්‍රියාත්මක කර නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.

සෑම සතියකම විශ්ව විද්‍යාල සිසුන් 275 දෙනෙකු පමණ මෙරට අධ්‍යාපන ආයතන තුළදී විවිධ ලිංගික අතවරවලට ලක්වන බව සඳහන්.

ඔස්ට්‍රේලියාව පුරා විශ්ව විද්‍යාලවල සිදුවන ලිංගික හිංසන වළක්වාලීමට සෘජුව මැදිහත්වන ලෙස ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිමින් සති කිහිපයකට පෙර විවෘත ලිපියක් ද යොමු කෙරුණා.

විවිධ සංවිධාන සහ පාර්ශව 40 කට වැඩි සංඛ්‍යාවක් යොමු කර ඇති එම ලිපියේ දැක්වුණේ ඇතැම් විශ්ව විද්‍යාල පාලනාධිකාරීන් විසින් එම සරසවි තුළ සිදුවන ලිංගික හිංසන සිදුවීම් වසන් කරන බවයි.

එබැවින් විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන වළක්වාලීමට සහ එවැනි සිදුවීම් පිළිබඳ විමර්ශනයට පූර්ණ බලැති ආයතනයක් පිහිටුවන ලෙසටද අදාළ ලිපියෙන් ඉල්ලීමක් කර තිබුණා.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »