Search

වාහන සොරකම් අඩු කරගන්න QLD රජයෙන් engine immobiliser සඳහා වවුචර්

මෝටර් රථ සොරකම් කිරීම් අවම කර ගැනීමේ අරමුණින් පුද්ගලික මෝටර් රථවල එන්ජින් ඉමොබලයිසර් (engine immobiliser) උපකරණ සවි කරගැනීම සඳහා ඩොලර් 500 බැගින් වන වවුචර ලබාදීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්තයේ වැඩිම වශයෙන් මෝටර් රථ සොරකම් සිදුවන ටවුන්ස්විල් – කෙයාර්න්ස් සහ මවුන්ට් ඉසා යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 20,000 ක් වෙනුවෙන් මෙම වවුචර ලබාදීමට නියමිතයි.

එන්ජින් ඉමොබලයිසර් උපකරණයක් සවිකිරීම සඳහා වැයවන බවට තක්සේරු කර ඇති මුදල ඩොලර් 650 ක්.

එන්ජින් ඉමොබලයිසර් උපකරණය සවිකිරීමෙන් පසු වාහනයේ යතුර තිබුණද රහස් කේතය නොමැතිව එය පණගැන්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ලබන වසරේ ජූනි මාසය දක්වා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති.

අනතුරුව සෑම වාහනයක් සඳහාම එය අනිවාර්ය කිරීමේ නීති සම්මත කරගැනීමටයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සූදානමින් පසුවන්නේ.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »