ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 90ක්!

ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 90ක්!
 
ශ්‍රී ලංකාවේ  සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමගයි. මෙම මරණ තුන හෙයියන්තුඩුව, කොළොඹ 14 සහ 15 ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා. 
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙනවා.

දිවයින පුරා සියලුම රෝහල්වලට ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහරින වෛද්‍ය සැපයුම් අංශයේ සියලු සේවකයන් ඊයේ (23 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කර ඇති අතර වෛද්‍ය සැපයුම් අංශයෙන් ඖෂධ ලබාගෙන ගිය පළාත් හා දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලවලටද රෝගය පැතිර යාමේ අවදානමක්ද මතුව තිබෙනවා.

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »