නිවාස වහා අවසන් කරන්නැයි ඉල්ලමින් බ. ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ඉදිකිරීම් සමාගමට පෙත්සමක්

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නවතා ඇති සිය නිවාස වහා ඉදි කර අවසන් කරන්නැයි ඉල්ලමින් බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නිවාස ඉදිකිරීම් සමාගමට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

BGC Building Group නම් මෙම ආයතනය විසින් මාස 12 – 18 අතර කාලයකදී නිවාස ඉදිකර අවසන් කරන බවටයි පොරොන්දු දී ඇත්තේ.

එහෙත් වසර 04 ක් ගතවීමෙන් පසුවද ඇතැම් නිවාස මේ දක්වා ඉදි කර අවසන් කර නොමැති බව සඳහන්.

දැනට අතරමග නතර වී ඇති ඉදි කිරීම් අවසන් කිරීමේ අරමුණ ඇතිව නව නිවාස ඉදි කිරීම සඳහා අලුතින් කොන්ත්‍රාත්තු භාර නොගැනීමටද BGC Building Group විසින් පසුගිය අප්‍රේල් මාසයේදී තීරණයක් ගනු ලැබුවා.

එසේ තිබියදීත් සිය නිවාස ඉදි කිරීම්වල කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති බවටයි පෙත්සමට අත්සන් තැබූවන් පෙන්වා දී ඇත්තේ.

මෙම අසීමිත ප්‍රමාදයන් හේතුවෙන් සතිපතා නිවාස කුළී ලෙස විශාල මුදලක් ගෙවීමට සිදුවි ඇති බවද ඔවුන් අවධාරණය කර සිටිනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »