
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සූදූ නීති කඩ කිරීමට අදාළව ස්ටාර් කැසිනෝ ආයතනයට ඩොලර් 140,000 ක දඩයක් පණවා තිබෙනවා.
පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ් භාවිත කර සුදූ ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය වන chips ගැනීමට අවසර දීම ඇතුලු නීති විරෝධී ක්‍රියා සඳහා අනුබල දුන් බවටයි ඔවුන්ට චෝදනා පවතින්නේ.
චෝදනා 11 කට වරද පිළිගැනීමත් සමගයි බ්‍රිස්බන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩය නියම කර ඇත්තේ.

2017 – 2018 සහ 2022 යන වසරවලදී මෙම අයථා ක්‍රියාවන් සිදුවී ඇති බව සඳහන්.
නිවු සවුත් වේල්ස් බලධාරීන් විසින්ද ස්ටාර් කැසිනෝ හි සිඩ්නි බලපත්‍රය පසුගිය වසරේදී අහෝසි කරනු ලැබුවේ ඩොලර් මිලියන 100 ක දඩයක් පණවමිනුයි.
