Search

සේවක වැටුප් පැහැර හැරි බවට Woolworths ට එරෙහිව අපරාධ චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයන්ට ගෙවිය යුතු ඩොලර් මිලියනයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැරීමට අදාළව Woolworths සුපිරි වෙළඳ සැල් ජාලයට එරෙහිව අපරාධ චෝදනා 1,000 කට වැඩි සංඛ්‍යාවක් ගොණු කර තිබෙනවා.

වික්ටෝරියා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොණු කෙරුණු එම නඩුකරයේ දැක්වෙන්නේ 2018-2021 කාල සීමාවේදී සේවය කල සේවකයන් 1,235 දෙනෙකුට අදාළ ගෙවීමි නිසි ලෙස සිදුවී නොමැති බවයි.

මින් අති බහුතරයක් නිසි ලෙස අතිකාල නොගෙවීම් වන අතර ඩොලර් 250 සිට 12,000 දක්වා වන මුදල් ඔවුන්ට ලැබිය යුතුව පවතින බව සඳහන්.

අතිකාල සඳහා නිසි ලෙස ගෙවීම් සිදු නොකිරීම වික්ටෝරියා ප්‍රාන්ත නීතියට අනුව අපරාධමය වරදක් වන අතර වරදකරු වුවහොත් කිසියම් සේවා යෝජකයෙකුට ඉහළ දඩයක් පැණවිය හැකියි.

Woolworths හි වැටුප් ගණනය කිරීම් පද්ධතියේ දෝෂයක් හමුවේ මෙම අඩුවෙන් වැටුප් ගෙවීම සිදුව ඇති බවටද වාර්තා පළවනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

Read More »