Search

පොදු රාජ්‍ය ක්‍රීඩා සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා රජය ගත් තීරණය ගැන විමර්ශනයක්

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් හරහා විමර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රාන්ත පාර්ලිමේන්තුවට විපක්ෂ ලිබරල් සන්ධානය විසින් ගෙනා යෝජනාව 25 ට 15 ක් ලෙස ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

තරගාවලි සත්කාරකත්වයෙන් එක්වරම ඉවත්වීමට පාලක ලේබර් පක්ෂ ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කල සැබෑ හේතු දැනගැනීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට අයිතියක් ඇති බවයි එම යෝජනාවේ දැක්වෙන්නේ.

මෙම සතිය තුළදී අදාළ කමිටුව පත් කෙරෙන අතර අනතුරුව මහජන මත විමසීම් ආරම්භ කෙරෙනු ඇති.

ලබන වසරේ අප්‍රේල් 30 වනදා වනවිට මීට අදාළ අතුරු වාර්තාවක් ලබාදීමටයි නියමිතව ඇත්තේ.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »