මිළදී නොගත් ලොතරැයියකට $ මිලියන 2.58 ක ජයක් හිමිවූ කාන්තාවක දකුණු ඔස්ට්‍රේලියාවෙන්

තමන් විසින් මිළදී නොගත් ලොතරැයියක් සඳහා ඩොලර් මිලියන 2.58 ක අති විශාල ත්‍යාග මුදලක් හිමිවූ කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

ඇයගේ උපන්දිනයට සුබ පැතුම් පිරිනමමින් ඥාතියෙකු විසින් එවන ලද කාඩ්පතක් සමගයි මෙම ටිකට් පතද යොමු කර තිබී ඇත්තේ.

දින කිහිපයක් එය ඇයගේ තැපැල් පෙට්ටියේ තිබී ඇති බවද සඳහන්.

ලොතරැයිය දුටු වහා මෙම කාන්තාව සිතා ඇත්තේ තමන්ට ඩොලර් 20 ක් වැනි සුලු මුදලක ජයග්‍රහණයක් ඇති බවටයි.

කෙසේවෙතත් අංක පරීක්ෂා කර බැලීමෙන් පසු තමන්ට ඩොලර් මිලියන 2.58 ක් වැනි අතිවිශාල මුදලක් හිමිවී ඇතැයි දැන ගැනීමෙන් පුදුමයට පත්වූ බවද ඇය පවසා තිබෙනවා.

තමන්ට උපන්දින සුබ පැතුම් කාඩ්පත යොමු කල ඥාතියාට දුරකථන ඇමතුමක් ලබාදී එය පැවසූවිට ඔහුටද එය අදහාගත නොහැකි වූවක් බවයි මෙම කාන්තාව සඳහන් කර සිටින්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »