ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නිරත වන්නන් අතුරින් සේවා රාජකාරි අතරතුරදී හදිසි අනතුරු සඳහා වැඩිම නිරාවරණයක් සහිත වෘත්තීන් නම් කර තිබෙනවා.
ඒ අනුව කම්කරුවන් – යන්ත්‍ර ක්‍රියාකරුවන් – විදුලි කාර්මිකයන් – පෙදරේරුවන් සහ රියදුරන් අවධානම වැඩි පිරිස් ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.
මස්පිඩු ආබාධ සහ මාංශ පේශී ඉරීම් වැනි දෑ බහුලවම දැක ගත හැකි ආබාධ ලෙස තහවුරු කරගෙන තිබෙනවා.
මෙවැනි ආබාධ හේතුවෙන් ඉදිකිරීම් සේවකයන්ට වසරකට සාමාන්‍යයෙන් දින 11 ක සේවා කාලයක් අහිමිවන බව සඳහන්.
ඒ අනුව ඔවුන්ට නොලැබී යන බවට තක්සේරු කර ඇති මුදල ඩොලර් 4,144 ක්.
පසුගිය මාස 12 තුළදී ආසන්න වශයෙන් ඉදි කිරීම් සේවකයන් 288,800 ක් පමණ රාජකාරි අතරතුරදී විවිධ ආබාධ සහ හදිසි අනතුරුවලට ලක්වී තිබුණා.