Search

NSW අතුරු වෛද්‍ය සේවා වර්ජන හේතුවෙන් ක්‍රීඩා ඉසව් ගණනාවකට දැඩි බලපෑම්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ අතුරු වෛද්‍ය සේවා කාර්ය මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රධාන ක්‍රීඩා ඉසව් ගණනාවකට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ප්‍රාන්ත රජය විසින් ලබාදීමට එකග වූ සියයට 04 ක වැටුප් වැඩිවීම ප්‍රතික්ෂේප කරමින් වැඩ වර්ජන මාලාවක් සැළසුම් කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ක්‍රීඩා තරගාවලි රාජකාරිවලින් ඉවත්වීමද ඒ අතර වනවා.

මේ අනුව ක්‍රීඩා තරගාවලි සඳහා අත්‍යවශ්‍යම සාධකයක් වන ප්‍රථමාධාර – ගිලන් රථ සේවා – හදිසි ප්‍රතිකාර වැනි දෑ නොමැතිව ක්‍රීඩා තරගාවලි පැවැත්වීම අවධානම් තත්වයකයි පවතින්නේ.

පවතින තත්වය හමුවේ ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත රග්බි සහ පාපන්දු ඇතුලු තරගාවලි ගණනාවක් පැවැත්වීම අවිනිශ්චිත තත්වයේයි පසුවන්නේ.

ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඇතුලු තානාපතිවරු රැසක් යළි ශ්‍රී ලංකාවට කැඳවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු රැසක් ‍යළි ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 15 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More »

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »