ලොව ජනගහණයෙන් අඩක් පමණ වයස 75 වනවිට මානසික ගැටලුවක

ලොව පුරා සමස්ත ජනගහණයෙන් අඩක් පමණ වයස අවුරුදු 75 වනවිට කුමන හෝ මානසික සෞඛ්‍ය ගැටලුවකට මුහුණදෙන බව ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙන් සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

රටවල් 29 ක වැඩිහිටි ජනතාව 150,000 ක් පමණ සහභාගී කරගනිමිනුයි වසර 20 කට ආසන්න කාලයක් පුරා මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ.

වැඩිම පිරිසක් මුහුණ දෙන මානසික රෝග බවට එහිදී හඳුනාගෙන තිබුණේ ආතතිය සහ විශාදයයි.

ඇල්කොහොල් භාවිත කරන්නන් අතර එම තත්වය තවත් අවධානම් මට්ටමක පවතින බවත් මෙහිදී අනාවරණය වුණා.

2018 වසරේදී සෑම ඔස්ට්‍රේලියා නුවන් 04 දෙනෙකුගෙන් අයෙකුටම කුමන හෝ මානසික රෝගයක් තිබී ඇති අතර 2021 වසර වනවිට එය සෑම 05 දෙනෙකුගෙන් 02 දෙනෙකු දක්වා ඉහළගොස් ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන් අතර මරණවලට ප්‍රධානතම හේතුව ලෙස තහවුරු වී ඇත්තේ ද මානසික රෝග යි.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »