Search

NSW දුම්රිය මාර්ග අමතර නඩත්තු වියදම $ බිලියන 1.1 ක්

නිවු සවුත් වේල්ස් දුම්රිය මාර්ග පද්ධතියේ අමතර නඩත්තු වියදම ඩොලර් බිලියන 1.1 ක් ලෙසට තක්සේරු කර තිබෙනවා.

වසර සියයක් පමණ පැරණි මාර්ග පද්ධතිය නවීන මෙට්‍රෝ සේවා සඳහා පරිවර්තනය කිරීමයි මෙහි මූලික අරමුණ වන්නේ.

වසරකට වැඩි කාලයක් ගත වන මෙම අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරුණේ ඊයේ දිනයේදීයි.

සමස්ත ව්‍යාපෘතිය අවසන් කිරීමට සැළසුම් කර ඇත්තේ 2025 වසරේ අග භාගයේදීයි.

අනතුරුව දුම්රිය ස්ථාන අතර ගමන් කාලය කැපී පෙනෙන ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂිතයි.