අඛණ්ඩව දෙවන මාසයටත් පොළී අනුපාතික වෙනසක් නෑ

අඛණ්ඩව දෙවන මාසයටත් පොළී අනුපාතික අගයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මාසය තුළදීත් cah rate අගය සියයට 4.1 ක් ලෙස අඛණ්ඩව පවතිනු ඇති.

මාස 15 කට පෙර සියයට 0.1 ක් ලෙස පැවති cash rate අගය වැඩි කිරීමකට ලක් නොවූයේ අවස්ථා 03 කදී පමණයි.

උද්ධමනය යම්තාක් දුරකට පාලනය මීට හේතුවී ඇතත් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් නැවතත් පොළී අනුපාතික අගයන් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ සඳහන් කලේ.

ඔහුගේ ධුර කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන්වීමටද නියමිතයි.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »