වසර 15 ක් child care ළමුන්ට ලිංගික අතවර කල තැනැත්තෙකු අත්අඩංගුවට

වසර 15 කට ආසන්න කාලයක් පුරා බ්‍රිස්බන් සහ සිඩ්නි නගරවල child care මධ්‍යස්ථානවල ළමුන් 100 කට ආසන්න පිරිසක් ලිංගික අතවරවලට ලක් කල තැනැත්තෙකු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොල්ඩ් කෝස්ට් හි පදිංචි 45 හැවිරිදි මොහු එම දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි පැවසෙන්නේ.

2007 සිට 2013 දක්වා ත් 2018 සිට 2022 දක්වාත් මොහු බ්‍රිස්බන් නුවර child care මධ්‍යස්ථානයක සේවය කර තිබෙනවා.

2014 සිට 2017 දක්වා සැකකරු සේවය කර ඇත්තේ සිඩ්නි නගරයේ child care මධ්‍යස්ථානයකයි.

මොහුගේ ජංගම දුරකථනයේ තිබි ළමා අපචාර සම්බන්ධ වීඩියෝ සහ ඡායාරූප 4,000 ක් පමණ සොයාගෙන ඇති බවයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය සඳහන් කලේ.

මොහු විසින් අපහරණයට ලක්කල එවක දරුවන් 87 දෙනාම හඳුනාගෙන ඇති අතර ඉන් ඇතැමුන් මේ වනවිට අවුරුදු 18 ඉක්මවූවන් බවද සඳහන්.

සැකකරුට එරෙහිව චෝදනා 1,623 ක් ගොණු කිරීමට නියමිතයි.

NSW ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී දඩුවම් කාලය දෙගුණ කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී සම්බන්ධයෙන් ලබා දෙන නියෝග තවදුරටත් පුලුල් කිරීමෙන් සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කල හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »