2023 අළු බඳුන ජය පැරදුමකින් තොරව අවසන්

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බදුන ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ අනූව, 2023 අළු බඳුන ටෙස්ට් තරගාවලිය 2 ට 2 ක් ලෙස ජය පැරදුමකින් තොරවයි අවසන් වූයේ.

අළුබඳුන තරගාවලියේ පළමු සහ දෙවන ටෙස්ට් තරග ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් හිමිකර ගත්තා.

03 වන ටෙස්ට් තරගය කඩුලූ තුනකින් ජය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ’අතර සිව්වන ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරවයි අවසන් වූයේ.

ඊයේ අවසන් වූ තරගයේ විශේෂත්වය වූයේ සිය අවසන් ටෙස්ට් තරගය ට සහභාගි වූ එංගලන්ත ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ඔස්ට්‍රේලියානු අවසන් කඩුල්ල දවා ගැනීමට සමත්වීමයි.

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »