ගොඩගැසුණු ඔස්ට්‍රේලියා දෙමාපිය වීසා අයදුම්පත් 137,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා අයදුම්පත් 137,000 ක් පමණ තවමත් සලකා බලා නොමැති බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

මෙය ඔස්ට්‍රේලියානු වීසා පද්ධතියේ ප්‍රබල පසුබෑමක් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

මෙලෙස දෙමාපිය වීසා අයදුම්පත් ගොඩ ගැසී ඇති බැවින් ඔස්ට්‍රේලියාවේ දෙමාපිය වීසා ලබා ගැනීම සඳහා වසර 30 ත් 50 ත් අතර කාලයක් බලා සිටිය යුතු බවටද එම වාර්තාව පෙන්වා දෙනවා.

ලබාදෙන දෙමාපිය වීසා ප්‍රමාණය වැඩි කිරීමට හෝ මෙම වීසා බලපත්‍රය අහෝසි කිරිමට පියවර ගත යුතු බවයි ඔවුන් නිර්දේශ කරන්නේ.

දෙමව්පියන් සඳහා කෙටි කාලීන වීසා බලපත්‍ර ලබාදීමේ අරමුණින් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන වීසා මුළුමනින්ම ඉවත් කිරීමට මෙම වසර මුළදී යෝජනා කෙරුණා.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණ වීසා කෝටාවේ සාමාන්‍යයෙන් වසරකට දෙමාපිය වීසා සඳහා ලබා දෙන්නේ 8,500 ක පමණ කෝටාවක් පමණයි.

දැනට ගොඩ ගැසී ඇති අයදුම්පත් ප්‍රමාණය හා සැසඳීමේදී එම කෝටාවේ ප්‍රමාණාත්මක අගය පිළිබඳවද ගැටළුවක් මතුවනවා.

SOURCE / CREDIT – SBS

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »