
ඔස්ට්‍රේලියාව තුළ බීර මිළ ගණන් අද සිට ඉහළ දමා තිබෙනවා.
බීර සඳහා වන බද්ද අද සිට සියයට 2.2 කින් වැඩි කර ඇති අතර අනෙකුත් ස්ප්‍රීතු වර්ග සඳහා වන බදු මුදල් ද අද සිට ඉහළ යාමට නියමිතයි.
මේ අනුව පසුගිය වසරේ මැයි මාසයේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් පසු ඔස්ට්‍රේලියාව තුළ බීර මිළ ගණන් සියයට 10 කින් වැඩිවී තිබෙනවා.

ඒ සමගම ලොව බීර සඳහා ඉහළම බදු අය කරන රටවල් අතර 03 වන ස්ථානයට ඔස්ට්‍රේලියාව පත්වනවා.
දැනට ඔස්ට්‍රේලියාවට වඩා බීර සඳහා බදු අය කරන රටවල් වන්නේ නෝර්වේ සහ ෆින්ලන්තය පමණයි.

ස්ප්‍රීතු සඳහා පණවා ඇති බදු සමග ලීටරයකින් අය කෙරෙන බදු මුදල පමණක් ඩොලර් 100 ඉක්මවා යනු ඇති.
පසුගිය වසරෙදී ඇල්කොහොල් බදු හරහා ෆෙඩරල් රජය විසින් උපයාගෙන ඇති මුදල ඩොලර් බිලියන 4.3 ක්.