
මෙ වසරේ මුල් මාස 06 තුළදී අලෙවි කරනු ලැබු විද්‍යුත් මෝටර් රථ සංඛ්‍යාව පසුගිය වසරේදී අලෙවි කල වාහන සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙනවා.
මෙම වසරේ මුල් මාස 06 තුළදී ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කර ඇති විද්‍යුත් මෝටර් රථ සංඛ්‍යාව 46,624 ක්.
කෙසේවෙතත් පසුගිය 2022 වසර පුරාවට අලෙවි කර තිබුණේ විද්‍යුත් මෝටර් රථ වාහන 39,353 ක් පමණයි.

මෙම වසර තුළදි ඔස්ට්‍රේලියාව තුළදී මිළදී ගෙන ඇති මුලු වාහන අතුරි්න් විද්‍යුත් වාහනවල ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 8.4 ක් ලෙසයි.
රට පුරා වාහන ආරෝපණ මධ්‍යස්ථාන සංඛ්‍යාවද ගතවු මාස 12 තුළදී සියයට 57 කින් පමණ ඉහළ ගොස් තිබුණා.
