
ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කර සමාජ මාධ්‍ය හරහා සිදුකරන අනවසර පැළෑටි අලෙවි කිරීම් ඉහළගොස් තිබෙනවා.
විවිධ පතොක් සහ ජලජ පැළෑටි වර්ග අලෙවි කරන මුවාවෙන් ගංජා පැළ සහ විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම්වල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි අනාවරණය වී ඇත්තේ.
කොවිඩ් වසංගතයත් සමග ෆේස්බුක් – ඇමසන් සහ eBay වැනි අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පැළෑටි අලෙවි කිරීම්වල ඉහළයාමක් නිරීක්ෂණය වී තිබෙනවා.

2021 වසරේදී විදේශයන්හි සිට ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගත් අනවසර පැළෑටි අලෙවි කිරීම් 18,000 ක් පමණ අවහිර කිරීමට eBay අන්තර්ජාල අලෙවි වෙබ් අඩවිය පියවර ගෙන තිබුණා.
ඔස්ට්‍රේලියාව තුළ තහනම් පැළ සන්තකයේ තබා ගැනීමට වරදකරුවෙකු වුවහොත් 2015 ජෛව ආරක්ෂණ පණත යටතේ වසර 10 ක උපරිම සිර දඩුවමක් පැණවිය හැකියි.
