අගෝස්තු මාසයට අදාළ පොළී අනුපාතික තීරණය අද

අගෝස්තු මාසයට අදාළ පොළී අනුපාතික අගයන් තීරණය කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් අද රැස්විමට නියමිතව තිබෙනවා.

Cash rate අගය පවතින මට්ටමේම පවත්වාගෙන යන්නේද නොඑසේනම් ඉහළ දමන්නේද යන්න සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන් අතර මත 02 ක් පවතිනවා.

උද්ධමනය සහ විරැකියාව ඉහල යාමක් පෙන්නුම් නොකළද ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා පොළී අනුපාතික අගයන් වැඩි කිරීමට සිදුවනු ඇති බවයි ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ සඳහන් කලේ.

දැනට ඔස්ට්‍රේලියාවේ cash rate අගය පවතින්නේ සියයට 4.1 ක් ලෙසයි.

ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකු විසින් ගෙවන උකස් වාර්කයේ වැඩිවීම පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේදී ඩොලර් 1,217 ක ඉහළයාමක් ලෙසයි පවතින්නේ.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »