Robodebt කොමිසමේ වාර්තාව හරහා දේශපාලන වාසි ගැනීමට ලේබර් රජය උත්සාහ දරන බවට හිටපු අගමැති ස්කොට් මොරිසන් චෝදනා කරනවා.
2015 වසරේදී තමන් සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කල සමයට අදාලව සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ මුලුමනින්ම බැහැර කරන බවයි ඔහු අවධාරණය කලේ.
සුබසාධන දීමනා ක්‍රියාත්මක කිරීමේදී කැබිනට් මණ්ඩලය නොමග යවා ඇති බවටයි Robodebt කොමිසමේ වාර්තාවෙන් හිටපු අගමැති මොරිසන් ට චෝදනා නගා ඇත්තේ.
එම වාර්තාව නිකුත් කිරීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුව අමතමින් හිටපු අගමැතිවරයා කියාසිටියේ මුදල් අවභාවිත සම්බන්ධයෙන් කොමිසමේ වාර්තාව තමාට එරෙහිව එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
පිටු 57 කින් සමන්විත මෙම වාර්තාව නිකුත් කරමින් කොමිසම නිර්දේශ කර තිබුණේ Robodebt වංචාවට සම්බන්ධ පිරිස්වලට එරෙහිව අපරාධමය විමර්ශනයක් ආරම්භ කල යුතු බවයි.