ඔස්ට්‍රේලියා වෙරළකට ගොඩ ගැසූ හඳුනා නොගත් වස්තුවේ අභිරහස විසඳෙයි

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙරළ තීරයකට ගොඩ ගසා තිබූ හඳුනා නොගත් වස්තුව චන්ද්‍රිකා ප්‍රවාහන රොකට්ටුවක කොටසක් බවට ස්ථිරවම නිගමනය කර තිබෙනවා.

පර්ත් නගරයට කිලෝමීටර් 250 ක් පමණ උතුරින් පිහිටි ස්ථානයක තිබියදීයි මෙම කොටස පසුගිය 16 වනදා සොයාගනු ලැබුවේ.

යුරෝපා – ඔස්ට්‍රේලියානු සහ ඉන්දීය අභ්‍යවකාශ බලධාරීන් විසින් සිදුකල පරීක්ෂණයක් අවසානයේ නිගමනය කර ඇත්තේ මෙය කඩා වැටුණු රොකට්ටුවක කොටසක් බවටයි.

මේ අතර සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණ ඇතිව මෙම අභ්‍යවකාශ වස්තු කොටස කෞතුකාගාරයක තබා ප්‍රදර්ශනය කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් මෙය ඉන්දීය රජය විසින් යවන ලද රොකට්ටුවක කොටසක් බැවින් ඊට පෙර ඔවුන්ගේ මතයද විමසීමට පියවර ගන්නා බවයි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සඳහන් කලේ.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »