PR නොලැබේ යැයි බියෙන් Temporary වීසා ලාභීන් HIV පරීක්ෂණයට බියෙන්

ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත්‍රයට අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි සිතා තාවකාලික වීසා ලාභීන් HIV පරීක්ෂණවලට මුහුණ දීමට බියෙන් පසුවන්නේ යැයි අනාවරණය වී තිබෙනවා.

සමාජ රෝග වැළැක්වීම සඳහා කටයුතු කරන ක්‍රියාකාරීන්ගෙන් තමන්ට එය දැනගන්නට ලැබුණු බවයි සංක්‍රමණ කටයුතු භාර අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් සඳහන් කලේ.

HIV වැළඳී ඇති සංක්‍රමණිකයන් සඳහා පනවා ඇති සෞඛ්‍ය සම්බන්ධ වීසා සීමා හා කොන්දේසි ඉවත් කරන්නැයි නීතිවේදීන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා.

සංක්‍රමණ කටයුතු අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් ඒ පිළිබඳ සුභවාදී ආකල්පයක සිටින බව ද සඳහන්.

HIV වැළඳී ඇති පුද්ගලයින් සඳහා පනවා ඇති දැඩි සෞඛ්‍ය නිර්ණායක ඉවත් කරන ලෙසත් එය අසමත් වුවහොත් විකල්ප සහිත තවත් වීසා උප ඛාණ්ඩ හඳුන්වා දෙන ලෙසත් සමාජ ක්‍රියාකාරීන් මේ අතර ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා.

SOURCE : SBS

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »