NSW අපරාධ කල්ලි සගවා ඇති කලු සල්ලි හොයන්න අලුත් ඒකකයක්

ප්‍රබල අපරාධ කල්ලි නායකයන් විසින් සගවා ඇති ඩොලර් මිලියන ගණනක මුදල් සොයාගැනීම සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා.

ගණකාධිකාරීවරුන් – බුද්ධි තොරතුරු විශ්ලේෂකයන් – නීතීඥවරුන් සහ විශේෂ මෙහෙයුම් පොලිස් නිළධාරීන් මෙම ඒකකයට ඇතුළත්.

සංවිධානාත්මක ප්‍රබල අපරාධකරුවන් හඳුනාගැනීමත් – ඔවුන් විසින් විවිධ නම්වලින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වල පවතින කලු සල්ලි හඳුනාගැනීමත් එහි මූලික අරමුණු අතර වනවා.

නව ඒකකය පවත්වාගෙන යාම සඳහා ඩොලර් මලියන 6 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කර සිටින්නේ.

නිවු සවුත් වේල්ස් හි ක්‍රියාත්මක අපරාධ කල්ලි විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු අයථා ක්‍රියාමාර්ග ඔස්සේ උපයාගත් ඩොලර් බිලියන ගණනක මුදල් මේ යටතේ අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »