වික්ටෝරියා ප්‍රාන්තවාසීන් විසින් ලබාගත යුතු ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් ප්‍රාන්ත ආදායම් දෙපාර්තමේන්තුව සතුව පවතින බවට අනාවරණය වී තිබෙනවා.
වෙන්දේසි කරන ලද දේපළ කොටස් – වැටුප් සහ දීමනා – නිවාස කුළී තැන්පත් මුදල් සහ ලොතරැයි දිනුම් මේ අතර වන බව සඳහන්.
ඇතැම් වික්ටෝරියානුවන්ට විවිධ අවස්ථා සඳහා ලැබිය යුතු මුදල් එකතුවී මේ වනවිට ඩොලර් ලක්ෂ ගණනක මුදලක් එක්රැස්වි පවතින බවයි ආදායම් දෙපාර්තමේන්තු වාර්තාවල දැක්වෙන්නේ.
නාගරික කවුන්සිල බල ප්‍රදේශ සැළකීමේදී වැඩිම මුදලක් එකතුවී ඇත්තේ මෙල්බන් නාගරික බල ප්‍රදේශයේයි.
එහි සමස්තයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තවාසීන් 45,653 දෙනෙකු විසින් ලබාගත යුතු ඩොලර් මිලියන 14 කට ආසන්න මුදලක් එකතුවී පවතින අතර තනි පුද්ගලයෙකු විසින් ලබාගත යුතු වැඩිම මුදල ලෙස ඩොලර් 238,670 ක මුදලක් සටහන්වී පවතිනවා.
තමන්ට ලැබිය යුතු කිසියම් මුදලක් පවතින්නේ නම් වික්ටෝරියා ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස එය තහවුරු කරගත හැකියි.
LGA |
Total money to be claimed |
Entitlements |
Largest single entitlement value |
Suburb of recipient |
---|---|---|---|---|
Melbourne |
$13,633,759 |
45,653 |
$238,670 |
Melbourne |
Stonnington |
$7,516,798 |
36,332 |
$225,525 |
Glen Iris |
Boroondara |
$7,103,869 |
35,246 |
$191,452 |
Canterbury |
Port Phillip |
$5,620,411 |
31,490 |
$117,363 |
Albert Park |
Whitehorse |
$4,571,898 |
20,525 |
$882,697 |
Box Hill |
Monash |
$4,064,428 |
23,448 |
$50,289 |
Mount |
Yarra |
$3,315,239 |
20,267 |
$52,500 |
Richmond |
Merri-bek |
$3,203,163 |
21,540 |
$130,652 |
Fawkner |
Bayside |
$3,107,017 |
16,815 |
$208,459 |
Beaumaris |
Manningham |
$2,965,639 |
18,113 |
$80,264 |
Doncaster |