වික්ටෝරියා ප්‍රාන්තයෙන් බලශක්ති රැකියා 86,000 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අදාළව නව රැකියා 86,000 ක් පමණ බිහිවනු ඇති බව ප්‍රාන්ත රජය පවසනවා.

ඒ Gippsland ප්‍රදේශයේ ඉදි කෙරෙන නව බලශක්ති ව්‍යාපෘතිත් සමගයි.

මෙම පුරප්පාඩුවල පළමු අධියර යටතේ තරුණ තරුණියන් 6000 ක් පුහුණු කිරීම් කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිවල ඉදි කිරීම් අවසන් වූ වහා ඔවුන් රැකියා සඳහා බඳවා ගැනීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ පුනර්ජනනීය බලශක්තිය අතින් ඉදිරියෙන්ම පසුවන ප්‍රාන්තය ලෙස සැළකෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »