වික්ටෝරියා නව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී – වෛද්‍ය ක්ලෙයාර් ලුකර්

වික්ටෝරියා ප්‍රාන්ත නව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ලෙස වෛද්‍ය ක්ලෙයාර් ලුකර් පත්කර තිබෙනවා.

මාස 12 ක කාලයක් සඳහා මෙම පත්කිරීම බලාත්මක වනු ඇති.

වෛද්‍ය ක්ලෙයාර් ලුකර් වසර 13 කට ආසන්න කාලයක් මහජන සෞඛ්‍ය සේවයේ නිරත තැනැත්තියක ලෙසයි සැළකෙන්නේ.

2016 වසරේදී වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග සම්බන්ධවූ ඇය මේ දක්වා එහි නියෝජ්‍ය ප්‍රධානී ලෙස කටයුතු කරනු ලැබුවා.

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ධුරය පුරප්පාඩු වූයේ එම තනතුරේ කටයුතු කල වෛද්‍ය බ්‍රෙට් සට්න් වෙනත් තනතුරක් භාර ගැනීම හේතුවෙනුයි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »