අමෙරිකාවට මිසයිල නිෂ්පාදනයට ඔස්ට්‍රේලියාව සැරසෙයි

අමෙරිකාව ඇතුලු අනෙක් රටවලට මිසයිල නිෂ්පාදනය කර අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඉදිරි වසර 02 ක කාලය තුළදී එය ආරම්භ කෙරෙන බවයි උප අගමැති රිචර්ඩ් මාල්ස් විසින් අද බ්‍රිස්බන් නුවරදී නිවේදනය කරනු ලැබුවේ.

අමෙරිකාව සමග පැවැත්වූ පුලුල් සාකච්ඡා මාලාවක් අවසානයේ මෙය ප්‍රකාශයට පත් කෙරුණා.

අමෙරිකාව විසින් මේ සඳහා ඩොලර් බිලියන 04 ක මුදලක් ප්‍රදානය කිරීමටද නියමිතයි.

යුක්රේන යුද්ධය වැනි අවස්ථාවලදී අතිරේක අවි ආයුධ ගබඩා කර තබා ගැනීමේ අවශ්‍යතාවය සළකා බැලීමෙන් අනතුරුවයි අමෙරිකාව මෙම තීරණයට එළඹී තිබුණේ.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »