මෙල්බන් අපරාධ රැසකට සම්බන්ධ 07 දෙනෙකු අත්අඩංගුවට

මෙල්බන් දකුණ ප්‍රදේශයේ මංකොල්ලකෑම් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ යෞවන යෞවනියන් 07 දෙනෙකු වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 13 ත් 16 ත් අතර වන පිරිමි ළමුන් 06 දෙනෙකු සහ අවුරුදු 14 ක ගැහැණු ළමයෙකු මේ අතර වන බව සඳහන්.

ජූනි 05 වනදා සිට ජූලි 23 වනදා අතර කාලය තුළදී නිවාස කොල්ලෑම් – වාහන පැහැරගෙන යෑම් සහ ඉන්ධන සොරකම් කිරීම් ඇතුලු ක්‍රිා රැසකට මොවුන් සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

වෙළඳ සංකීර්ණයකදී 15 හැවිරිදි දැරියකට දරුණු ලෙස පහරදීමද මොවුන්ට එරෙහි චෝදනා අතර වනවා.

මොවුන් සියලු දෙනාට ඇප නියම කර ඇති අතර ඉදිරි දිනයකදී ළමා අධිකරණයකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

NSW ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී දඩුවම් කාලය දෙගුණ කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී සම්බන්ධයෙන් ලබා දෙන නියෝග තවදුරටත් පුලුල් කිරීමෙන් සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කල හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »