
ලබන සතියට යෙදී ඇති ෆෙඩරල් සංචිත බැංකු රැස්වීමේදීත් පොළී අනුපාතික අගයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කෙරෙනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළකරනවා.
ඒ අනුව අගෝස්තු මාසය පුරාවටමත් cash rate අගය දැනට පවතින සියයට 4.1 මට්ටමේම පවතිනු ඇති බව සඳහන්.
මෙම වසරේ දෙවන කාර්තුව හෙවත් ජූනි කාර්තුවේදී පාරිභෝගික මිළ දර්ශකයේ වැඩිවීම සටහන් වන්නේ සියයට 0.8 ක් ලෙසයි.

එය පෙර කාර්තුවේදී සියයට 07 ක් ලෙස පැවති අතර ගතවූ මාස 12 සැළකීමේදී උද්ධමනය සටහන් වන්නේ සියයට 06 ක මට්ටමෙියි.
කෙසේවෙතත් පසුගිය වසරේ ජූනි මාසයේදී මෙරට උද්ධමනය පැවතුණේ සියයට 7.8 ක් ලෙසයි.

නිවාස කුළී ගාස්තු සහ ආහාර මිළ ගණන්වල සිදුවූ වැඩිවීම උද්ධමනයට මූලික හේතුන් ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.
මේ අනුව උද්ධමනය යම්තාක් දුරකට පාලනය වී තිබීම හමුවේ පොළී අනුපාතික අගයන් එලෙසින්ම පවත්වාගෙන යාමට ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානීන් විසින් මීළග රැස්වීමේදී තීරණ කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.