බ්‍රිස්බන් හිදී සැහැල්ලු ගුවන් යානා 02 ක් ගැටී 02 ක් මරුට

උතුරු බ්‍රිස්බන් හි ගුවන් යානා ධාවන පථයකට ඉහළ අහසේදී සැහැල්ලු ගුවන් යානා 02 ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එක් ගුවන් යානයක නියමුවා සහ එහි ගමන් කල 60 හැවිරිදි කාන්තාවක බවයි ක්වීන්ස්ලන්ඩ් ගිලන් රථ සේවය මෙන්ම ප්‍රාන්ත පොලිසිය ද තහවුරු කර ඇත්තේ.

එම ගුවන් යානයට බරපතල හානි සිදුවී ඇති බවයි අදාළ දර්ශනවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් අනෙක් ගුවන් යානයට එතරම් හානි සිදුවී නොමැති අතර නියමුවාද දිවි ගළවා ගැනීමට සමත්වී තිබෙනවා.

ගුවන් යානා 02 ම පුද්ගලික හිමිකාරීත්වය සහිත ඒවා බවටද හඳුනාගෙන ඇති බවයි ක්වීන්ස්ලන්ඩ් පොලිසිය කියාසිටියේ.

 

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »