2023 අවසන්වීමට පෙර ෆෙඩරල් මහ මැතිවරණයක් නෑ

මෙම වසර අවසන්වීමට පෙර ෆෙඩරල් මහ මැතිවරණයක් නොපැවැත්වෙන බව අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.

කෙසේවෙතත් ලේබර් පක්ෂ රජය විසින් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නිවාස පණත් කෙටුම්පත දෙවන වරටද පරාජයට පත්වුවහොත් මැතිවරණයක් පැවැත්වීමේ අවධානම බැහැර නොකරන බවයි ඔහු කියාසිටියේ.

මීට මාසයකට පමණ පෙර මෙම පණත් කෙටුම්පත පළමුවරට පාර්ලිමේන්තුවේදී සළකා බැලූණු අවස්ථාවේදී පරාජයට පත්වුණා.

ලබන සතියේදී පාර්ලිමේන්තුව නැවත රැස්වීමත් සමග නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පණත් කෙටුම්පත යළි ඉදිරිපත් කෙරෙනු ඇති.

ලබන ඔක්තෝබර් මාසයේදී විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති අතර එහිදීද පණත් කෙටුම්පත පරාජයට පත්වුවහොත් හදිසි මහ මැතිවරණයක් කැඳවීමට අගමැති ඇන්තනී ඇල්බනීස් ට සිදුවනවා.

නිවාස කුළී ඉහළ දැමීම් සම්බන්ධ උපරිම සීමාවක් පැණවිය යුතු බවට අදහස් දක්වමිනුයි ග්‍රීන්ස් පක්ෂය විසින් මෙම පණත් කෙටුම්පතට විරෝධය දක්වනු ලැබුවේ.

සමාජ නිවාස ව්‍යාපෘතියක් සඳහා ඩොලර් බිලියන 02 ක ආයෝජනයක් සහිතවයි ලේබර් පක්ෂ රජය විසින් මෙම පණත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ.

2016 වසරේදීත් මෙලෙස එකම පණත් කෙටුම්පත දෙවරක් පරාජයට පත්වීමෙන් මහ මැතිවරණයක් කැඳවනු ලැබුවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »