වික්ටෝරියා අලුතින් ඉදි කරන නිවාසවලට ගෑස් තහනම්

වික්ටෝරියා ප්‍රාන්තයේ අලුතින් ඉදි කරන නිවාස සඳහා ගෑස් සබඳතා තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට එය බලාත්මක කෙරෙන බවයි ප්‍රාන්ත රජය අද නිවේදනය කලේ.

මේ අනුව එදින සිට ඉදිකිරීම් සඳහා අනුමැතිය හිමිවන නිවාස හෝ නේවාසිකාගාර සඳහා විදුලිය සබඳතා සඳහා පමණක් අවසර හිමිවනු ඇති.

ඉදිකිරීම් සඳහා දැනටමත් අනුමැතිය ලබාදී ඇතත් ඉදිකිරීම් ආරම්භ කර නොමැති පාසල් – රෝහල් – පොලිස් ස්ථාන ඇතුලු රාජ්‍ය ගොඩනැගිලි සඳහාද විදුලිය සබඳතා පමණක් ලබාගත යුතු බවයි වික්ටෝරියා රජය දන්වා සිටින්නේ.

බලශක්ති ඉලක්ක වෙත ළගාවීම පහසු කරවීම සඳහා මෙම තීරණය ගත් බව ප්‍රාන්ත රජය අවධාරණය කරනවා.

ඔස්ටේ්‍රලියාවේ ගෘහස්ථ ගෑස් භාවිතය වැඩිම ප්‍රාන්තය වික්ටෝරියා වන අතර නිවාස අතුරින් සියයට 80 ක පමණ ගෑස් භාවිත කෙරෙනවා.

කෙසේවෙතත් ගෑස් භාවිතය නතර කර විදුලිය පමණක් භාවිත කිරීමෙන් වසරකට ඩොලර් 1,000 ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට නිවැසියන්ට හැකිවනු ඇති බවටත් වික්ටෝරියා ප්‍රාන්ත රජය අනාවැකි පළකරනවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »