නවසීලන්ත – ඔස්ට්‍රේලියා සංචාර තවත් පහසු කිරීමට විද්වත් කමිටුවක්

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර සංචාරය තවත් පහසු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

ලබන වසරේ ජූනි මාසය වනවිට ඔවුන් එම අවසන් වාර්තාව ඉදිරිපත් කල යුතුයි.

අගමැති ඇන්තනී ඇල්බනීස් සහ නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් අතර අද වෙලින්ටන් නුවර පැවති සාකච්ඡා අවසානයේදීයි මෙය නිල වශයෙන් නිවේදනය කෙරුණේ.

නවසීලන්ත පුරවැසියන්ට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගැනීම පසුගිය ජූලි 01 වනදා සිට තවත් පහසු කෙරුණා.

දෙරට අතර සංචාරයේදී ලේඛණ රහිතව ඩිජිටල් ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ හැකියාවද අදාළ විද්වත් කමිටුව විසින් සොයා බැලීමට නියමිතයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »