
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් කලාප අසළ ස්ථාපිත කල නව වේග කැමරාවල තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කිසිදු දඩයක් නිකුත් කර නොමැති බව හෙළිවී තිබෙනවා.
පසුගිය නව පාසල් වාරය ආරම්භයේ සිට මෙම කැමරා සක්‍රීය කරන බවයි ප්‍රාන්ත රජය නිවේදනය කර තිබුණේ.
කෙසේවෙතත් එයින් කිසිදු දඩයක් නිකුත් කර නොමැති බව ප්‍රාන්ත ප්‍රවාහන බළධාරීන්ට වැටහී ගොස් ඇත්තේ පාසල් වාර 02 ක් ගතවීමෙන් පසු එනම් මාස 02 කට පසුවයි.

ඒ අනුව වහාම අදාළ තාක්ෂණික ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගන්නා ලෙසට තාක්ෂණික අංශ වෙත දැනුම් දී තිබෙනවා.
බොහෝ දුරට ලබන අගෝස්තු 07 වනදා එනම් 03 වන පාසල් වාරයේ 05 වන සතියේ ආරම්භයේ සිට දඩ නිකුත් කිරීමට හැකිවනු ඇති බවටයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රවාහන අංශ විශ්වාසය පළකර සිටින්නේ.
